Home » මන්ත්‍රීවරු ලක්ෂ 10ට වැඩි දේපලක් ගත්තොත් අල්ලස් කොමිසමට

මන්ත්‍රීවරු ලක්ෂ 10ට වැඩි දේපලක් ගත්තොත් අල්ලස් කොමිසමට

by Nirodha Gamage

මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවකයන්ගේ වත්කම් බැරකම්, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගින් ඍජුව විමර්ශනයට ඉඩ සැලසෙන නව දූෂණ විරෝධී පනත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය සැපයීමේදී එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට අනුගත නව නීති හඳුන්වා දිය යුතු බවට කොන්දේසියක් පනවා තිබේ. ඒ අනුව මෙම නව දූෂණ විරෝධී පනත ඉදිරිපත්ව තිබේ.

නව පනතේ ඇතුළත් තවත් විධිවිධාන අනුව යම් රාජ්‍ය සේවකයකු හෝ මන්ත්‍රීවරු රුපියල් ලක්ෂ 10කට වඩා දේපළක් අත්පත් කරගතහොත් ඒ බවද කොමිසමට දැනුම් දිය යුතුය. එම දේපළ සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් කිසිම පැමිණිල්ලක් නොමැතිව ඒ ගැන විමර්ශනය කිරීමට අල්ලස් දූෂණ කොමිසමට බලය ලැබෙයි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions