Home » මඩ දේශපාලනයට අපිව ඇදලා ගන්න එපා. දිලිත් ජයවීරගෙන් අනුර කුමාරට අභියෝගයක්

මඩ දේශපාලනයට අපිව ඇදලා ගන්න එපා. දිලිත් ජයවීරගෙන් අනුර කුමාරට අභියෝගයක්

by Plus One

මව්බිම ජනතා පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අද දින මහනුවර සහස් උයන පරිශ්‍රේ දී පැවැත්විය. එහිදි අදහස් දක්වමින් එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඔහුගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතාට ප්‍රසිද්ධ සංවාදයකට ආරාධනා කරමින් අභියෝගයක්ද කරන ලදී.

මෙම සමුළුව අමතමින් දිලිත් ජයවීර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ බලවේගවලට අවධාරණය කරමින් මෙසේ කියා සිටියා.

“මඩ දේශපාලනයට අපි ඇදලා ගන්න එපා. හැබැයි අපව ඒ මඩ වලට ඇදලා ගත්තොත් ඒවට උත්තර දෙන්නත් හොඳට පුළුවන්.
මා මිත්‍ර අනුර කුමාර දිසානායකට මම ප්‍රසිද්ධ සංවාදයකට එන්න කියලා මේ පිළිබඳව කලිනුත් අභියෝගයක් කරලා තියෙනවා.
හැබැයි මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ඒ මඩ දේශපාලනයෙන් නෙමේ. අපේ රට තුන්වෙනි ලෝකයෙන් යම ලෝකයට ඇදලා දාන ඔය රැඩිකල් පක්ෂයට තියෙන සාධනීය වැඩපිළිවෙළ කුමක්ද ?

ස්වෛරී බැඳුම්කරවල හිමිකරුවන්ට මචන් ඔන්න ඔය ණය ටික අමතක කරලා දාන්න කියන එකද?
හොරු අල්ලලා ඒ සල්ලි ටික මිනිස්සුන්ට බෙදලා දෙන්න කියන එකද?

අපිට මේ පරණ කතා වලින් ඔබ්බට ගිය සාධනීය වැඩපිළිවෙලක් අවශ්‍යයි. මව්බිම ජනතා පක්ෂය සතුව නිශ්චිත දින වකවානු සහිත එවන් වැඩපිළිවෙළක් තියෙනවා”

මෙලෙස දිස්ත්‍රික් සමුලු සංවිධානය කරමින්, තම ව්‍යාපාරද වෙනත් කළමණාකරනයන්ට භාර දී පූර්ණ කාලීන දේශපාලනය කිරීමට දිලිත් පසුගිය දිනක තීරණය කොට තිබුණා.

දෙරණ නාලිකාවේ විකාශය වූ ජයවීර මහතාගේ අදහස් දැක්වීමේ වීඩියෝ පටය පහතින්

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions