Home » බ්‍රහ්මයා ගැන විපක්ෂ නායක කියන කතා

බ්‍රහ්මයා ගැන විපක්ෂ නායක කියන කතා

by Plus One

ගුරුන්ටත් අකුරු වරදින බවත් රනිල් වික්‍රමසිංහ මහතා අංගුලිමාල ගැන පාර්ලිමේන්තුවේදී කියූ වැරදි කතාව නිවැරදි කළ යුතු බව ත් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (නොවැ. 30) පැවසීය.

එමෙන් ම ජනාධිපති කියූ ආකාරයට කවුද වසලයා කවුද බ්‍රාහ්මණයා යන්න අද රටට ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායකයා පෙන්වා දුන්නේ ය.

අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත් සේ ම බුදුන්ට එරෙහිව කටයුතු කළේ අංගුලිමාල යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැරදි බවත් එය දේවදත්ත යනුවෙන් නිවැරදි විය යුතු බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිසබයේදී (නොවැ. 29) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදී ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions