Home » බහුතර ජනතාවකට නිසි පෝෂණයක් නෑ

බහුතර ජනතාවකට නිසි පෝෂණයක් නෑ

by Nipuna Fernando

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 1/5ක් පමණක් බවත් රටේ ජනතාවගේ අදායමෙන් 75%ක්ම ආහාර සඳහා වියදම් වන බවත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අද අනාවරණය වී තිබෙනවා

මේ කරුණු සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (18) රැස්වූ අවස්ථාවේදීයි.

විශේෂයෙන් වසර දහයක පමණ කාලයක් තිස්සේ රටේ පවතින මන්දපෝෂණ තත්ත්වය වර්තමානයේදී පවතින ආර්ථික අර්බුදයත් සමග උත්සන්න වී ඇති නිසා මෙම තත්ත්වය පිටුදැකීම සඳහා ගත හැකි කෙටි කාලීන සහ මධ්‍යකාලීන පියවර සම්බන්ධයෙන් ‍මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දුන්නේ ආදායම් සහ ගෘහස්ථ වියදම් පිළිබඳ සමීක්ෂණය වහාම සිදු කරන ලෙසයි.

මෙම අදාළ සමීක්ෂණය 2019න් පසු සිදු කොට නොමැති බවද සභාපතිවරයා දැනුම් දුන්නා.

එම සමීක්ෂණය මගින් මෙම ආර්ථික අර්බුදයේ සමාජීය ප්‍රතිඵල පිළිබඳ නිවැරදි තොරුතුරු ලැබෙන බවත් එම තොරතුරු ඉදිරි වැඩපිළිවෙල සැකසීමේදී ඉත‍ා වැදගත් වන බවද රණවක මහතා සඳහන් කළා.

රට තුළ බදු වැඩි කිරිම් ආදී ක්‍රියාමාර්ග මගින් ආදායම් වැඩි කළද එහි අතුරු සමාජීය ප්‍රතිඵල ලෙස කර්මාන්ත පවත්වා ගැනීමේ ගැටළුව, රැකියා අහිමිවීම් සහ පෝෂණය තත්ත්වයන් පහත වැටීම වැනි කරුණු දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

එමෙන්ම පුද්ලයෙකුගේ ජීවිතයේ මුල් දින 8000 නිසි පෝෂණ තත්ත්වයෙන් පවත්වා ගැනීමේ වැදගත්කම සහ ඒ සඳහා පවතින ආහාර නිසි සුරක්ෂිතතාවෙන් යුතුව පරිහරණය කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අදහස් පළවුණා..

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions