Home » බදු වංචාවකට කොටු වූ ෂකීරා…

බදු වංචාවකට කොටු වූ ෂකීරා…

by Nipuna Fernando

ලොව ජනප්රිය කොලොම්බියානු සංගීත තරුවක් වන ෂකීරාට යූරෝ මිලියන 14.5ක බදු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

විදෙස් මාධ්ය වාර්තා කළේ, ස්පාඤ්ඤයේ, බාසිලෝනා අධිකරණයක් විසින් ඇයට බදු වංචා 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබ ඇතත් තවම ත් දිනයක් නියම කර නොමැති බව ය.

ඇය වසර අටකට සිරගත කිරීමට සහ වැරදිකරු වුවහොත් යුරෝ මිලියන 23.8ක දඩයක් පැනවීමට පැමිණිලිකරුවන්ට අවශ්ය බව විදෙස් මාධ්ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, 45 හැවිරිදි ෂකීරා තමන් එවැනි වරදක් සිදු කළ බව නැවත නැවතත් ප්රතික්ෂේප කර තිබේ.

මෙම නඩුව පැවරීම සඳහා පාදක වී ඇත්තේ, 2012 සහ 2014 අතර ෂකීරාගේ පදිංචි තත්ත්වය යි.

පැමිණිලිකාර පාර්ශවය චෝදනා කරන්නේ, අදාළ කාලය තුළ ඇය ස්පාඤ්ඤයේ ජීවත් සිට ඇති නමුත් ඇයගේ නිල නිවස වෙනත් ස්ථානයක ලැයිස්තුගත කර තිබී ඇති බව ය.

ස්පාඤ්ඤ නීතියට අනුව, මාස හයකට වඩා වැඩි කාලයක් රට තුළ ගත කරන පුද්ගලයින් බදු ගෙවිය යුතු පදිංචිකරුවන් ලෙස සැලකේ.

නමුත් ෂකීරා පවසන්නේ, ස්පාඤ්ඤය එවකට ප්රධාන වශයෙන් තමන් ජීවත් වූ ස්ථානය නොවන බව ය.

#newsplus

අපගේ YouTube සබැඳිය
https://youtube.com/channel/UCw0X0yNZIjTR61JdLTDJ8tw

අපගේ Telegram සබැඳිය
https://t.me/ChannelPlusOne

අපගේ Whatsapp සබැඳිය
https://chat.whatsapp.com/GEB4vejkAb9JsDZ5pXBi29

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions