Home » බජට් අංගුලිමාලගේ බදු ගැහිල්ල

බජට් අංගුලිමාලගේ බදු ගැහිල්ල

by Plus One

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව ගෙන ආ දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

ඒ අනුව මෙම පනත්වලට අදාළ නියෝග ලබන ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වෙයි.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණි

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82ක් හා විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 41 කි.

මේ අතර දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණි.

ඊට පක්ෂව ඡන්ද 79 ක් හා විපක්ෂව ඡන්ද 36 ක් හිමි විය.

ඒ අනුව එකතු කළ අගය මත බදු පනතට ගෙනආ සංශෝධන 2023 ජනවාරි 01 වනදා සිට බලාත්මක වන අතර මහල් නිවාස මිලදී ගැනීමේදී සියයට 15ක වැට් බද්දක් ගෙවිය යුතු වෙයි.

කෙසේවෙතත් අදාළ වැට් බද්ද ගෙවිය යුතු වන්නේ මහල් නිවාස පළමු වර මිලදී ගන්නා පුද්ගලයින් පමණි.

මේ අතර මෙතෙක් පැවති රුපියල් මිලියන තුන්සියයක වාර්ෂික පිරිවැටුමකට අය කෙරුණු සියයට 15ක් වූ වැට් බද්ද වාර්ෂිකව රුපියල් මිලියන 80ක පිරිවැටුමක් ලබන ව්‍යාපාරවලට ද අදාළ කර තිබේ.

ඊයේ සම්මත වූ දේශීය ආදයම් පනත් කෙටුම්පතේ සංශෝධන ද 2023 ජනවාරි පළමු වනදා සිට ක්‍රීයාත්මකය.

ඒ අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින් ආදායම් බදු ගෙවීමට යටත් වෙයි.

කෙසේ වෙතත් හොඳින් රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන යන මෙම දැඩි පීඩාකාරී බදු වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාවේ ජීවත් වන වෘත්තිකයින් වචිශාල වශයෙන් රටෙන් බැරට යමින් පවතින බව පෙනී යයි. එසේම මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ තරුණයන් දැඩි විවේචනාත්මක මතයක් පලකර ඇත. 74 වසරක් මාතෘ භූමිය වනසමින් තම තමන්ගේ සාක්කුව පෝෂණය කරගත් දේශපාලනඥයින් විසින් තාරුණ්‍යයේ අනාගතය තාරුණ්‍යයේ බලාපොරොත්තු දිනෙන් දින කඩ කරමින් මවුබිම තුළ වාසය කිරීමටද අප්‍රියසහගත කරන බව ඔවුන් ප්‍රකාශ කරයි.

ජනතාව පීඩාවට පත් කරමින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගෙනයන මෙම බදු ප්‍රතිපත්තියට එරෙහිව රට තුළ දැඩි විරෝධයක් පැන නැගී ඇති බව සමාජ මාධ්‍ය විශ්ලේෂණය තුළින් තහවුරු වෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions