Home » බංකොලොත් වුණු වෙනත් රටවල් ගොඩ ඇවිල්ලා නැහැ. මෙච්චර ඉක්මනට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණේ රනිල් නිසා – සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න

බංකොලොත් වුණු වෙනත් රටවල් ගොඩ ඇවිල්ලා නැහැ. මෙච්චර ඉක්මනට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණේ රනිල් නිසා – සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න

by Plus One

රනිල් පරද්දනවා නම් රනිල් පරද්දන්න ගේන වැඩපිළිවෙල මීට වඩා හොඳ වෙන්න ඕන යැයි ජාතික සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පැවැසීය.

රූපවාහිනි දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින් රාජිත සේනාරත්න ඊයේ (22) මැදියම් රැයේ මේ බව සඳහන් කළේය.

වෛද්‍ය රාජිත සේනාරත්න එහිදී මෙසේ ද පැවැසීය.

”එන සැරේ මැතිවරණය තනිකර ආර්ථිකය”

” තරුණයන්ගෙ කොටසක් ඉන්නවා දේශපාලනය අවශ්‍ය නැහැ. ඒ අය ඉන්නෙ වෙනම ලෝකයක. ඒ ඝනය එන්න එන්න වැඩිවෙනවා ලංකාවේ. ලිබරල් විදියට හිතන තව කොටසක් ඉන්නවා. සමාජවාදය ධනවාදය මොකුත් ඒ අයට නෑ. ඒ අතරත් නරක සිතිවිල තියෙන අයත් ඉන්නවා. ඒ අය ජේ.වී.පී එකට දෙනවා කියලා මම හිතන්නෙ නැහැ. තවත් කොටසක් ඉන්නවා විරැකියාවෙන් පෙළෙනවා. කරන රැකියාවට වේතනයක් නෑ කියන කොටසක් ඉන්නවා. ජවිපෙට ආකර්ශනය වෙන්නේ අන්න ඒ අය. රාජපක්ෂලා ගියා, එයා යන කොට වික්‍රමසිංහ ගෙනවා. ඒ ඔක්කොටම ගහන්න අලුත් කෙනෙක් ගේන්න ඕන කියනවා. ගෝඨාභය ගෙනාවෙත් එහෙමයි. මේ එන අයගෙ වැඩපිළිවෙල මොකද්ද කියලා හිතන්නෙ නැහැ. අරයට ගහන්න මෙයා ගේනවා කියනවා.

එන සැරේ මැතිවරණය තනිකර ආර්ථිකය. දරුවට කන්න දෙන්නෙ කොහොමද? ඒ දරුවො ආස දේවල් අරන් දෙන්නෙ කොහොමද කියන තැන තියෙන්නෙ. දරුවන්ට මේ ආර්ථික අර්බුධය තේරෙන්නෙ නැහැ. දෙමාපියන්ට දරුවන්ට දේවල් දෙන්න ඕන. ඒක නැතිවෙනකොට කම්පාවක් වෛරයක් ඇතිවෙනවා. රට තියෙන්නෙ මේ වගේ ව්‍යාකූල තත්ත්වයක.

මොනව උනත් අපේ රටේ ගත්ත තීරණ තියෙනවා. අයි.එම්.එෆ් ගිහිල්ලා මෙච්චර ඉක්මනට බංකොලොත්භාවයෙන් අපි මිදෙමින් ඉන්නවා. නමුත් අපට කලින් බංකොලොත් වෙච්ච රටවල් ගොඩ ඇවිල්ලා නැහැ. අපි ගේනවා නම් මීට වඩා හොඳ වැඩපිළිවෙලක් තමයි ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ පරද්දනවා නම් අපට මීට වඩා හොඳ වැඩපිලිවෙලක් තියෙන්න ඕන.”

රමේෂ් වරල්ලෙගම

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions