Home » පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ට ආණ්ඩුවේ රෝහල්වල සායනික පුහුණුව

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ට ආණ්ඩුවේ රෝහල්වල සායනික පුහුණුව

by Nirodha Gamage

වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීම සඳහා සුදුසු රජයේ රෝහල් තෝරා ගැනීම සඳහා කමිටුවක් පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය (KDU), වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ අනෙකුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුවේ සුදුසු රජයේ රෝහල් ශික්ෂණ රෝහල් ලෙස භාවිත කෙරේ.

එවැනි පුහුණුවක් ලබාදීම සඳහා හඳුනාගෙන ඇති රෝහල් වැඩිදියුණු කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ පිළිබඳ වාර්තාවක් සති අට (08)ක කාලයක් තුළ ඉදිරිපත් කිරීමටත් කමිටුව බලාපොරොත්තු වේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඉහත කී කමිටුවේ සභාපතිනිය ලෙස පත් කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions