Home » පොහොට්ටු මැයි දිනය ඉහලින්ම

පොහොට්ටු මැයි දිනය ඉහලින්ම

by Nirodha Gamage

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී හමුව පෙරේදා (21) රාත්‍රී කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී පැවැත්වුණා.

එම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු හා මැයි දින සැමරුමට අදාළ සැලසුම් සකස්කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණය මුල් කරගනිමින් කාර්යාල ආරම්භ කිරීම, මැයි පෙළපාලිය පිළිබඳ පෙර සූදානම, ආසන දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන රැස්වීම් මාලාව පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මැයි දිනය පවත්වන්නේ කෙසේද යන්න දිස්ත්‍රික් සහ වෘත්තීය සමිති නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් ඒ පිළිබඳ තීරණයට මහින්දානන්ද සහ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions