Home » පොහොට්ටුවේ මීළඟ සභාපති ගෝඨාභය ?

පොහොට්ටුවේ මීළඟ සභාපති ගෝඨාභය ?

by Nirodha Gamage

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ එවැනි පුද්ගලයකු පත් කිරීමට වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි. මෙයට අමතරව සභාපතිධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.

මේ අතර මහාචාර්ය ජී එල් පීරිස් මහතා පක්ෂය හැර පක්ෂය අතහැර ගිය සෙසු කිසිවකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් නොදැරූ බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභලයන් පිරිසක්ද පොහොට්ටුවේ සභාපති තනතුර සඳහා බලාපොරොත්තු තබාගන සිටින බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions