Home » පොහොට්ටුවේ ජයරත්න හේරත් සමගි ජන බලවේගයට

පොහොට්ටුවේ ජයරත්න හේරත් සමගි ජන බලවේගයට

by Nirodha Gamage

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ඊයේ (20) සහභාගි වී තිබේ.

ඊයේ පක්ෂ කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවැත්විණි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය, රට මුහුණ පා ඇති තත්ත්වය සහ ආණ්ඩුවේ ‘මර්දනකාරී’ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රැස්වීමට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, ඉමිටියාස් බාකීර් මාකර් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions