Home » පොලිසියේ ඉහළ නිලධාරීන්ට තොරණ සංග්‍රහ තහනම්

පොලිසියේ ඉහළ නිලධාරීන්ට තොරණ සංග්‍රහ තහනම්

by Plus One

මාසික, වාර්ෂික සහ අර්ධ වාර්ෂික පරීක්ෂණ සඳහා පැමිණෙන ඉහළ නිලධාරීන් පිළිගැනීම සඳහා මින් ඉදිරියට තොරණ ගැසීම හෝ අනවශ්‍ය සැරසිලි සිදු නොකරන ලෙස ත් ඔවුන්ට සංග්‍රහ කිරීමට නිලධාරීන්ගෙන් මුදල් එකතු නොකරන ලෙස ත් නැගෙනහිර පළාතේ සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද නියෝග කර ඇත.

මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වාර්තා වුවහොත් හෝ නිරීක්ෂණය වුවහොත් අදාළ ස්ථානාධිපතිවරුන්ට සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බව ත් ඒ මහතා නැගෙනහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.

දිස්ත්‍රික්ක භාර, කොට්ඨාස භාර සහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ මාසික පරීක්ෂණ, අර්ධ වාර්ෂික පරීක්ෂණ සහ වාර්ෂික පරීක්ෂණවලදී බොහෝ පොලිස් ස්ථානවල ඔවුන් පිළිගැනීම සඳහා තොරණ සහ සැරසිලි සිදුකරන බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිරීක්ෂණය වීමත් සමග ඔහු මෙම පියවර ගෙන ඇත.

සැලසුම් කරන ලද මෙවන් පරීක්ෂණවලදී තොරණ ඇතුළු විවිධ සැරසිලි සඳහාත් ගොඩනැගිලි පින්තාරු කිරීම, අලුත්වැඩියා කිරීම් කටයුතු සඳහාත් පැමිණෙන ඉහළ නිලධාරීන්ගේ ආහාර සඳහාත් පහළ නිලධාරීන්ගේ මාසික වේතනයෙන් හා ගමන් වියදම් දීමනාවෙන් මුදල් අයකරන බවට තොරතුරු තමා වෙත ලැබී ඇති බව ත් ඇතැම් පහළ පොලිස් නිලධාරීන් මේ නිසා නොයෙකුත් අපහසුතාවන්ට පත්ව ඇති බවට තොරතුරු තමා වෙත ලැබි ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

එබැවින් මින් ඉදිරියට මෙවන් ක්‍රියාවලින් වළකින ලෙස ත් මෙවන් ක්‍රියා වාර්තා වුවහොත් දැඩි පියවර ගන්නා බවත් පවසා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සිදුකර නොමැති බවට අනාවරණය වුවහොත් අදාළ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්නා බවට දැනුම් දී තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions