Home » පොදු හතුරෙක් නෑ – අස්පට් ෂූටිං

පොදු හතුරෙක් නෑ – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා……අස්පට් ෂුටිං හිතාගෙන හිටියේ එක්කෝ සජා අපේ ලප කුමාර සහෝදරයගෙන් කයි,නැත්තං හාමුගෙන් කයි කියලා.දැන් බලනකොට ඔක්කොටෝම ඉස්සෙල්ලා ෆොනීගෙන් කයි වගේ.

සජා හිතන්න ඇත්තේ ෆොනීත් හර්ෂා වගේ කියලා.ප්‍රභාටත් ගේම දුන්න ෆොනීට සජා සූපින් කෑල්ලක්නේ.දැන් මචං මෙතන වලි තුනක් තියනවා.සජා සහ ලප කුමාර සටන එකක්,සජා සහ හාමු සටන තව එකක්.දැන් අලුත්ම එක විදිහට සජා සහ ෆොනී සටනත් ඇවිත්.

ඒ කියන්නේ සජාද මචං පොදු සතුරා.

ඊයා…ලැජ්ජාවේ බෑ.සජා වගේ කෙනෙක් පොදු හතුරා කරගන්න.අස්පට් ෂූටිං නං ඒ සටනෙන් ඉල්ලා අස්වෙනවා.ඇයි බං හතුරෙකුට උනත් පොදු හතුරෙක් වෙන්න මූලික සුදුසුකම් ටිකක් තියනවනේ.

ඔන්න ලප කුමාරට හරි හාමුට හරි නං පොදු සතුරා කියලා කටක් ඇරලා කියන්න හරි පුළුවන්.අස්පට් ෂූටිං අහන්නේ පොදු සතුරා වෙන්න සජාට තියන සුදුසුකම් මොනවද කියලයි.

මචං සජා පොදු හතුරා කරගන්නවට වඩා හොඳයි  පොදු හතුරා කරගන්න එක.

මොකද්ද මචං අපි මේකට කරන්නේ.අපි කොහොමද පොදු හතුරෙක් විදිහට සජාගේ පෞරුෂය වර්ධනය කරන්නේ. මචං මෙහෙම කළොත් මොකද?මේ කාලේ ආයෙත් ඔය නායකත්ව මණ්ඩල කතාව නැගලා යන හින්දා,

අපිට බැරිද මචං සජා එක්ක පොදු හතුරු මණ්ඩලයක් හදලා සජාව ගොඩදාන්න. එතකොට හාමුට හරි ලප කුමාර සහෝදරයට හරි හැප්පෙන්න වෙන්නේ පොදු හතුරු මණ්‌ඩලයක් එක්ක.ඒත් කවුද මචං සජාව ශක්තිමත්ව කරන පොදු හතුරු මණ්ඩලයට ගන්න ඉන්නේ.

ජීඑල් අංකල් හෙම දැක්ක ගමන් පොදු හතුරෙක් කියන feeling එක එන්නේ නෑ මචං.හිතෙන්නෙම සරනාගතයෙක් කියලා.වියතේ ගොඩේ දාමු,මෑන්ගේ හතුරු මූඩ් එක ටිකක් තියනලා.ඉන්නව නං මචං ආමි දයා දාමු,සජත් ඉන්නවනේ. ඒත් ඉතින් ලොකු පෞරුෂයක් නං හැදෙන්නේ නෑ.කමක් නෑ සජාගේ තනියටත් එක්ක අර දෙන්නා ඉන්නවනේ.

මචං පාටිලා.ෆොනීලා,වල්ගමලා හිටියා නං කොහොමද?දැන් කරන්න දෙයක් නෑ ඔහොම තියමු.ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියනවානේ.

අස්පට් ෂූටිං

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions