Home » පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය ගැන මහා ශිෂ්‍ය සංගමේ සභාපති හෙළිකරයි!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය ගැන මහා ශිෂ්‍ය සංගමේ සභාපති හෙළිකරයි!

by Nipuna Fernando
පේරාදෙණිය විශ්වවිද්යාලය තුළ මේ වන විට ඇති වී තිබෙන නවක වද සිද්ධිය හා සම්බන්ධ ගැටළුකාරී තත්වය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහා ශිෂ්ය සංගමයේ සභාපති සමඟ සිදුකළ සාකච්ඡාව
 
📝 මාධ්යවේදීයා – පේරාදෙණිය විශ්ව විද්යාලය තුල නවක වදය සම්බන්ධ සිදුවීම් රාශියක් මාධ්ය හරහා පසුගිය දින වල සිට වාර්තා වෙමින් පවතිනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් සමාජය තුළ බරපතළ ලෙස පේරාදෙණිය විශ්ව විද්යාලයේ කීර්තිනාමයට හානි වන පුවත් සංසරණය වනවා.. පේරාදෙණිය විශ්ව විද්යාලයේ මහා ශිෂ්ය සංගමයේ සභාපති විදියට මේ ප්රචාරයන් ගැන ඔබේ අදහස කුමක්ද ?
 
📑 මහා ශිෂ්ය සංගමයේ සභාපතිවරයා – මුලින්ම Channel Plusone මාධ්ය ආයතනයට ස්තුතියි මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්.. මේ වෙද්දි ශිෂ්ය සංගම්, ශිෂ්ය නායකයින් මූලික කරගෙන විද්යුත් මාධ්ය, මුද්රිත මාධ්ය හා සමාජ ජාලා හරහා බොහෝ ප්රචාරයන් ව්යාප්ත වනවා. පසුගිය සැප්තැම්බර් 14 වන දින ශාස්ත්රපීඨ ගෙම්බා ආපන ශාලාවේ ආහාර ලබා ගැනීමට ගිය ශිෂ්යයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්වයක් මේ වෙද්දි නවක වද සිද්ධියක් ලෙස පාලන අධිකාරිය හා විසින් විවිධ මාධ්ය ජාල තුලින් ප්රචාරයට පත් කරනු ලබනවා. ඒ වගේම මේ සිද්ධියට අදාළව ශිෂ්යයින් පහළොවකට ආසන්න පිරිසකගේ පන්ති තහනම් කර තිබෙනවා. ආචාර්යවරුන් මේ ගැටුම හේතුවෙන් ඉගැන්වීම් කටයුතු ප්රතික්ෂේප කර ශාස්ත්ර පීඨය මුළු මුනිනනින්ම වසා දමා තිබෙනවා මේ සිදුවීම නවකවද සිද්ධියක් විදියට හැබැයි මේක කිසිසේත්ම නවක වද සිද්ධියක් නොවන බවටමහා ශිෂ්ය සංගමය විදියට අපි තරයේ ප්රකාශ කර සිටිනවා.. මේ වගේ සුළු සිදුවීම් නිසා හාරදහසකට අධික ශාස්ත්රපීඨ ශිෂ්යයන්ගේ අධ්යාපන අයිතිය විනාශ කිරීමට ශිෂ්ය සංගමයක් විදියට අපි කිසිසේත්ම ඉඩ දෙන්නෙ නෑ.
 
අපි දිගින් දිගටම පරිපාලනයට මේ ගැන පැහැදිලි කිරීම් කළා.. අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරල ගැටුම නිරාකරණය කලා.. පීඨාධිපතිතුමා බොරු චෝදනා එල්ල කරනවා මේ වෙද්දි ශිෂ්ය සංගමයේ සභාපති මරණ තර්ජන එල්ල කරනවා වගේ දේවල්.. කිසියම් ආචාර්යවරයෙකු ට ශිෂ්යයෙකුට හෝ විශ්වවිද්යාල අභ්යන්තරයෙ කුමන හෝ පාර්ශ්වයකට වචනයෙන් හෝ කායිකව හිරිහැර කරනවා නම් ශිෂ්ය සංගමය විදියට අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා.. ඒ වගේ ප්රශ්න වල දී අගතියට පත් පාර්ශ්වයට සාධාරණයක් ඉෂ්ට කරන්න අපි ලෑස්තියී… හැබැයි මේ වගේ බොරු ප්රචාර රාජ්ය අධ්යාපන ආයතනවලට එල්ල වන ලොකු කැලලක් වගේම මෙම පුද්ගලිකව ලාභ ලබන බලාපොරොත්තු වෙන ආයතන වලට රුකුලක් වෙනවා…එනිසා ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලනවා මේ වගේ දේවල් වෙන්න ඉඩ දෙන්න එපා අසත්ය ප්රචාර වලින් විශ්වවිද්යාල ශිෂ්යයින් ම මනින්න එපා.
 
📝 මාධ්යවේදීයා – මේ වගේ සිදුවීම් හරහා සමාජගත වෙලා තියෙන්නේ සියලුම රාජ්ය විශ්වවිද්යාල විශ්වවිද්යාල තුල නවක වදය ඉතාම දරුණුවට තියෙනවා කියන දේ ඒ ගැන ඔබේ අදහස කුමක්ද? අවසාන වශයෙන් ජනතාවට කියන්න තියෙන්නෙ මොකක්ද?
 
📑 මහා ශිෂ්ය සංගමයේ සභාපති – බොරු ප්රචාර වලට කිසිසේත්ම රැවටෙන්න එපා රටේ තියෙන ප්රශ්න සියල්ලම යටපත් කරන්න නවක වදය මුලට දාගෙන රටේත් පරිපාලනය කටයුතු කරන බව මේ වගේ දේවල් වලින් පෙනී යන විශ්වවිද්යාල ශිෂ්යයින් විදියට අපට තියෙනවා තව ගැටලු රාශියකට පිළිතුරු සොයා ගන්න.. ශිෂ්යයන්ගේ නේවාසික පහසුකම් ශිෂ්යයන්ගෙ සෞඛ්ය ගැටළු ශිෂ්යයින්ගේ මහපොළ ල ගැටලු වගේ ශිෂ්ය සුබසාධන ගැටලුත් මානසික ආතතිය නිසා පෙර දින විශ්වවිද්යාලයේ පමණක් මේ වන විට ශිෂ්යයින් රාශියක් සිය දිවි නසා ගැනීම් සිදු කරගෙන තිබෙනවා.. මේ එල්ලවන අධ්යාපන ආතතියට පිළිතුරු සොයන්න අපි ඉටු කළ යුතු වගකීම් වනවා… නමුත් වර්තමානයේ බොරු ප්රචාරයන් තුලින් මේ කිසිදු ගැටලුවකට පිළිතුරු සපයා ගැනීමට නොහැකි වී තිබෙනවා.. ඉතින් ඔබෙන් ආදරයෙන් ඉල්ලන්නේ බොරු මවාපෑම් වලට බොරු ප්රචාරයන් වලට රැවටෙන්න එපා..මේ වගේ පටු ප්රශ්න හේතුවෙන් පොදු ප්රශ්න අමතක කරන්නේ නැතිව වඩා යහපත් සමාජයකට රට ගොඩ නගමු කියන දේ තමයි මගේ අදහස.
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions