Home » පේරාදෙණියේ පෙම්වතුන් වැළඳගැනීම

පේරාදෙණියේ පෙම්වතුන් වැළඳගැනීම

by Nirodha Gamage

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෙම්වතුන් දෙදෙනකු සනාතන මන්දිරය පරිශ්‍රයේ දී,  විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීම සඳහා  සංකේතාත්මකව එකිනෙකා වැළඳගෙන විරෝධතාවයක නිරත වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

සැබෑ ආදරයේ අරුත කුමක්දැයි මාර්ෂල් නිලධාරීන්ට පෙන්වීම සඳහා ඔවුන් එකිනෙකා බදාගෙන නාට්‍යයක් මගින් මෙම විරෝධතාවය පැවැත්වූහ.

මාර්ෂල් නිලධාරියා තමන්ට අපහාසාත්මක හා අවමන් සහගත ස්වරයෙන් කතා කර තම ශිෂ්‍ය හැඳුනුම්පත ලබා ගත් බව පිරිමි ශිෂ්‍යයා කියා සිටියේය.

විශ්වවිද්‍යාල සිසුවෙකුට ඕනෑම අවකාශයක ආදරය කළ හැකි නිදහස සංකේතවත් කරමින් කලා ප්‍රසංගයක් ලෙස මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

මේ අතර එම වීඩියෝව සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට අදහස් දක්වමින් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ “පේරාදෙණිය සියලු සංස්කෘතික ප්‍රතිපත්තිවලින් මිදී නැවතත් පේරාදෙණිය බවට පත්වෙමින් තිබෙන බවයි. මේ අභීත තරුණ යුවළට අපේ ආදරය ගෞරවය යවමු”. සිටියේය.

විශ්වවිද්‍යාල නිල වෙබ් අඩවිය මගින් නිකුත් කර ඇති නිල නිවේදනයට අනුව මාර්ෂල් කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා විශ්වවිද්‍යාල පරිපාලනයට සහය වීමට සහ එවැනි විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන්  වාර්තා කිරීමටය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions