Home » පෑලියගොඩින් නාඳුනන මළ සිරුරක්

පෑලියගොඩින් නාඳුනන මළ සිරුරක්

by Plus One

පෑලියගොඩ, කළු පාලම ආසන්නයේ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (නොවැ. 30) සවස 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයක් මත පෑලියගොඩ පොලිසිය ආරම්භ කළ විමර්ශනයේදී මෙම මෘත ශරීරය සොයා ගත් බව ය.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මරණකරු වයස අවුරුදු 60ක් පමණ වන උස අඩි 5යි අඟල් 5ක් පමණ වන තලෙළු සිහින් සිරුරක් හිමි පුද්ගලයෙකි.

කොණ්ඩය තැනින් තැන සුදු පැහැ වී ඇති අතර මුහුණ පුරා සුදු උඩු රැවුල හා යටි රැවුල වැවී ඇත.

උඩු කයට දම් පැහැති ඉරි සහිත අත් කොට කමිසයක් හා යටි කයට තැඹිලි, කළු, සුදු හා ලා නිල් මිශ්‍ර කොට කලිසමක් ඇඳ සිටි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions