Home » පාස්කු බෝම්භයෙන් රනිල් නිදහස්

පාස්කු බෝම්භයෙන් රනිල් නිදහස්

by Nirodha Gamage

පාස්කු ඉරිදා කොළඹදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ වින්දිතයන් ගොනුකර තිබූ නඩු 108කින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය ප්‍රකාරව රටේ ජනාධිපතිවරයා ලෙස දෙවැනි විත්තිකාර රනිල් වික්‍රමසිංහ මහතාට මුක්තිය හිමිවන බව කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

එසේම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් විසින් ගොනු කර ඇති සිවිල් නඩු කිහිපයකින් තමා නිදහස් කරන ලෙසට කොළඹ දිසා අධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කළ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට කොළඹ සිවිල් අභියාචනාධිකරණය අද නියෝග කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions