Home » පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ICC යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ICC යයි

by Plus One

ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟාවලියේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ට දැනුම්දීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉකුත් ජුලි මාසයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරඟාවලියේ තරඟයක දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 400කට අධික ගණනක් වාර්තා කළත්, එම තරඟය පරාජය වීමට හේතුව තරඟ පාවාදීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් පසුගියදා චෝදනා කළා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions