Home » පාරට විසි නොකර දරුවන් භාර දෙන්න ඉස්පිරිතාලේම මධ්‍යස්ථානයක්

පාරට විසි නොකර දරුවන් භාර දෙන්න ඉස්පිරිතාලේම මධ්‍යස්ථානයක්

by Nirodha Gamage

අලුත උපන් බිළිඳුන්ගේ අනන්‍යතාවක් නොමැතිව දෙමාපියන්ට භාරදිය හැකි ළදරු පිළිගැනීමේ මධ්‍යස්ථාන පළාත් නවයේම රෝහල්වල පිහිටුවීමට ළමාරක්ෂක අධිකාරිය යෝජනා කර ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ ප්‍රකාශ කළේය.

ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් 2021 දී ළමාරක්ෂක අධිකාරි විසින් යෝජනා මාලාවක් කෙටුම්පත් කළ බවයි.

එම යෝජනාවට අනුව විවිධ හේතූන් මත අලුත උපන් බිළිඳුන් ඇති දැඩි කිරීමට නොහැකි හෝ අකැමැති මවුපියන්ට ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකර ළදරුවන් භාරදීමට ඉඩ සලසමින් පළාත් නවයම ආවරණය වන පරිදි රෝහල්වල ළදරු පිළිගැනීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමට යෝජිත බව ඔහු පැවසීය.

මෙම යෝජනා මාලාව 2021 වසරේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කී සභාපතිවරයා, පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව හරහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ යුතු බව කැබිනට් කාර්යාලයේ නීති නිලධාරියා පෙන්වා දුන් බව පැවසීය.

මව්පියන් විසින් අලුත උපන් බිළිඳුන් හැර දමා යාමේ උත්සන්න වන සිද්ධීන් සලකා බලා එම ක්‍රියාවලිය කඩිනම් කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බව ඔහු පැවසීය.

ඉන්දියාවේ මෙම මධ්‍යස්ථාන සාර්ථකව ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions