Home » පාපන්දුව ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්

පාපන්දුව ගැන හොයන්න සය පුද්ගල කමිටුවක්

by Nirodha Gamage

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මූල්‍ය හා පරිපාලන ගැටළු විසඳීම සඳහා පුද්ගලයන් හය දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කර තිබෙනවා.

පෙබරවාරි 21 වනදා සිට බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගසට්ටුවක් මගින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

2012 වසරේ සිට පාපන්දු සංගමයේ ව්‍යවස්ථාව සැකසීම ප්‍රමාද කිරීම, මූල්‍ය පරිපාලන දුර්වලතා,නාමිකව පමණක් ඇති ක්‍රීඩා සමාජ පිළිබඳ සොයා බැලීම ආදී තවත් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන වාර්තාවක් මාස 02 ක් තුළ ලබාදීම මෙම කමිටුවට ඇති වගකීමයි.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සභාපති ලෙස පත් කර ඇති මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන්නේ, කිංස්ලි ප්‍රනාන්දු,සුදත් නාගහමුල්ල, ආනන්ද පීරිස්, සුසිල් රාමනායක සහ ශලිනි රොෂානා යන මහත්ම මහත්මීන්.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions