පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ජීව අත්බෝම්භයක් සහ හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ ඉඔල්ගොඩ ප්‍රදේශයේ පෙරේදා (26)සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.
පසුගිය අගෝස්තු මස 8 වනදා මිනුවන්ගොඩ මාකෙවිට ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 25 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජීව අත්බෝම්භයක් සහ හෙරොයින් ග්‍රෑම් 16.2 ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.