ආර්ථික අර්බුදය හමුවේ පවතින උද්ධමනය හේතුවෙන් පාකිස්තානයේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් ඇති බව වාර්තාවෙනවා.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හේතුවෙන් මෙවර රාමසාන් උපවාස සමය පාකිස්තාන වැසියන්ට අසීරු වනු ඇති බවයි.
ඒ හේතුවෙන් අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පුද්ගලයින් දැඩි බලපෑමකට ලක්වෙනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.
ආර්ථික බලපෑම් හමුවේ මේ වනවිටත් පාකිස්තාන වැසියන් මිලදී ගැනීම් සීමා කර ඇති බවද වාර්තා වෙයි.
පාකිස්තානය තුළ මේ වනවිට පවතින දැඩි දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනමින් ණය සහනයක් අපේක්ෂා කරයි.