පාකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ණය ගිවිසුම තවදුරටත් දිග්ගැස්සෙන බව එරට මාධ්‍ය ඊයේ වාර්තා කළේය. ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු තවත් කොන්දේසි ගණනාවක් සපුරන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් නොවනු ඇතැයි සඳහන් .
ශෙබාස් ෂෙරීෆ්ගේ සභාග රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පසුගිය පෙබරවාරි මාසයේ මුල් භාගයේ සිට අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ණය මුදලක් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙන අතර, දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින එරට මිලියන 22ක ජනතාවක් වෙත සහන සැලසීම සඳහා එම මුදල යෙදවීමට පාකිස්තානය රජය බලාපොරොත්තුවෙන් සිටී..
පසුගිය පෙබරවාරි මාසයේදී වසර 50ක කාලයක් තුළ එරටින් වාර්තා වූ ඉහළම උද්ධමනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ දුප්පතුන් සඳහා සහනාධාර සැලසීමට ධනවත් පාරිභෝගිකයින්ගෙන් ඉන්ධන සඳහා වැඩි මුදලක් අය කිරීම ශෙබාස් ෂෙරීෆ්ගේ සභාග රජයේ අරමුණ වී තිබේ.