Home » ප්‍රභාකරන්ගෙන් පසු රටට ලොකුම විනාශය කළේ ජනතා විමුක්ති පෙරමුණ

ප්‍රභාකරන්ගෙන් පසු රටට ලොකුම විනාශය කළේ ජනතා විමුක්ති පෙරමුණ

by Nirodha Gamage

බස්නාහිර පළාත් අධිකරණ සංඝනායක තිහගොඩ භද්දිය හිමියෝ සමඟි ජන බලවේගයේ බෞද්ධ කටයුතු ප්‍රධානි ලෙස පත්වීම ලද ධනවර්ධන ගුරුගේ මහතා සමඟ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දෙනම බැහැදැක ආශීර්වාද ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

” ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ රටට කළ විනාශය ජනතාවට අමතක නෑ, ජාතික ජන බලවේගය නමින් පෙනී සිටියත් නයා නයාමයි”.

අතීතය නොදන්නා ඇතැම් තරුණ කොටස් ජාතික ජන බලවේගය වටා එක්රැස්ව සිටින ස්වරූපයක් දක්නට ලැබුණත් මැතිවරණ ජයක් ලබන්න තරම් එය ප්‍රමාණවත් නොවන බවද උන් වහන්සේ පැවසූහ.

දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කිරීම, භික්ෂූන් වහන්සේ ඝාතනය කිරීම, රාජ්‍ය දේපොළ විනාශ කිරීම ඇතුළු අති විනාශකාරි ක්‍රියා රැසකට එදා ජනතා විමුක්ති පෙරමුණ මූලික වූ බව කවුරුත් දන්නා සත්‍යයක් බවත් තමන් අතින් වූ ඒ වැරැද්ද නොපිළිගන්නා කණ්ඩායමක් අතට මේ රටේ පාලන බලය ගිය හොත් සිදු විය හැකි තත්ත්වය බරපතළ විය හැකි බවත් භද්දිය හිමියෝ මෙහිදී අවධාරණය කළහ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions