Home » පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති යාපනයේදී කියයි

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති යාපනයේදී කියයි

by Plus One

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙස සියලු පළාත්වල මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමඟ ඊයේ (04) පැවති හමුවකදීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions