Home » පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක්

පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක්

by Nirodha Gamage

පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3)(අ) වගන්තියේ සඳහන් පරිදි ජනාධිපති ධුරයට පත්වන කෙනකුට ඔහුගේ පත්වීමෙන් වසර 4ක් ඉකුත් වූ පසු නැවතත් ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා සිය අභිලාශය ප්‍රකාශ කළ හැකියි. මෙයට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ සිය ධූර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණ කැඳවා තිබෙනවා.

එලෙස ජනාධිපතිවරණය කැඳවීමට පෙර ඒ පිළිබඳව පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගනු ඇති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දරනු ලබන්නේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු ධුර කාලයේ ඉතිරි කොටසයි. ඔහු 2019 නොවැම්බර් 17 වෙනිදා සිය තනතුරට පත්වූ අතර ඒ අනුව 2023 නොවැම්බර් 17 වනදා වනවිට ඔහුගේ තනතුරට අවුරුදු 04 ක් සපිරෙනවා.

වසර 4ක් ඉකුත් වීමත් සමඟ නව ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැකි වනු ඇති අතර ඒ අනුව පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති බව සඳහන්.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions