Home » පළාත් පාලන ආයතන හරහා පාලනය හා සංවර්ධනය සඳහා මහජනතාවගේ සහභාගිත්වය වැඩි කල යුතුයි – සචිනි නුවන්තිකා

පළාත් පාලන ආයතන හරහා පාලනය හා සංවර්ධනය සඳහා මහජනතාවගේ සහභාගිත්වය වැඩි කල යුතුයි – සචිනි නුවන්තිකා

by Plus One

Channel +ONE වෙතින් ගෙන එන IRES සඳුදා වැඩසටහනට අද දින සාකච්ඡාවට පැමිණියේ නීතීඥ ගයනි ප්‍රේමතිලක මහත්මියයි

එහිදී මුලින්ම සාකච්ඡා කරනු ලැබුවේ මහජන නියෝජිතයින් නැති පළාත් පාලන ආයතන දැන් වැඩ කරන ආකාරය පිළිබඳවයි. එතුමියගේ අදහස් අනුව සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක් විසින් කරනු ලබන්නේ පුද්ගලයකුගේ උපතේ සිට මරණය දක්වා අවශ්‍ය සියලු කටයුතු විධිමත් කිරීමයි. 2015 වසරේ සිට පළාත් පාලන ආයතන පාලනය කිරීමේ බලය නියෝජිතයන්ට හිමිවිය. මේ වන විට පළාත් සභා, නගර සභා හා මහ නගර සභා පළාත් පාලන පනත් යටතේ පවතී.මෙම පනත් තුලින් නගරාධිපති, සභාපති සහ උප නගරාධිපති නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයක් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව විධිමත් ප්‍රතිපත්ති සකස් කර ඇත.

එසේම මෙහිදී සාකච්ඡා කරන ලද තවත් කරුණක් වන්නේ අලුතින් තියෙන ජන සභා ප්‍රතිපත්තිය මගින් සාමාන්‍ය ජනතාවට එය ප්‍රයෝජනයක් වෙනවා ද යන්නයි.ඒ අනුව අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනයක් තිබෙනවා. නමුත් මෙම ප්‍රතිපත්ති සම්පාදනය තුලින් ජනතාවට අවශ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය වනවාද තියෙන ප්‍රශ්නය තියෙනවා.නමුත් මෙම ජනසභා සංකල්පය ප්‍රතිපත්ති සම්පාදනයට ජනතාව දායක කරගැනීමට යොදාගත හැකි එක්තරා විධිමත් සංකල්පයකි.

එසේම මෙම ජනසභා සංකල්පය ඉදිරියට ගෙනයාමේදී ද අභියෝග පවතී.ප්‍රධානම අභියෝගය වන්නේ පළාත් පාලන ආයතන පාලනය කරන නියෝජිතයින්ට යම්කිසි ආකාරයක බියක් ඇතිවෙනවා පාලන තන්ත්‍රයට මහජනතාව සහභාගී වීම තුළින් මෙම ආයතනවලට හානියක් ඉදිරියේදී සිදුවේ යැයි අනියත බියක් ඇතිවීම මෙහි ප්‍රධානතම අභියෝගයයි.

නමුත් පළාත් පාලන ආයතන ජනතාවට සමීපතම ආයතනයක් වේ.ජනතාවගේ සියලුම කටයුතු මෙම පළාත් පාලන ආයතන තුළින් පාලනය වන බැවින් ජනතාවට සේවය කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවල සිදුවිය යුතු වෙනස්කම් රැසක් පවතී.ප්‍රාදේශීය සභා ස්ථාපනය කළේ 1987 ප්‍රාදේශීය සභා පනතෙන් වන අතර, නගර සභා හා මහ නගර සභා ස්ථාපනය කළේ 1950 ට පෙරය. ඒ අනුව එම කාල වලට අනුරූපව සකස් කරන ලද නීති පද්ධතියක් හරහා වර්තමානයේ මෙම ආයතන ක්‍රියාත්මක වෙමින් පවතී.එම නිසා මෙම කාලයට අනුරූපව පනත් සංශෝධනය කළ යුතුයි.

එසේම ප්‍රාදේශීය සභාව පනතේ අරමුණු ප්‍රධාන වගන්තියේ සඳහන් වන්නේ පාලනය හා සංවර්ධනය සඳහා මහජනතාවගේ සහභාගිත්වය වැඩි කිරීමයි.එම නිසා පළාත් පාලන ආයතන වලට මහජන සහභාගිත්වය වැඩි කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා මෙම පනත් සංශෝධනය විය යුතුය.

මෙම වැඩසටහනේදී සාකච්ඡා කරනු ලබන අනිත් ප්‍රධාන කරුණ නම් මෙම පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය ප්‍රමාණවත් ද යන්නයි.එහිදී එතුමියගේ අදහස් වලට අනුව කාන්තා නියෝජනය ප්‍රමාණවත් නැත.එයට හේතුව වන්නේ ලංකාවෙන් 50% ට වැඩි පිරිසක් කාන්තාවන් නියෝජනය කරන බැවිනි.

අවසාන වශයෙන් මෙම ජන ජනසභා ක්‍රමය පිළිබඳව පවතින අනියත බිය නැති කර ජනසභා ක්‍රමය මේ රට තුළ ගොඩනැගුවහොත් රට පිළිබඳව ඉදිරි දැක්මක් තියා ගැනීමට හැකියාවක් පවතී. ඊට හේතුව වන්නේ ජනසභා ක්‍රමය මගින් පාලන තත්ත්වයට කිසිම විටෙක ඇගිලි ගැසීමක් සිදු නොකරන බැවිනි.ප්‍රතිපත්ති සම්පාදනයේදී පුරවැසියන් දායක වන ආකාරය විධිමත් කිරීම සඳහා,පරිදියේ ජනතාව තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය ක්‍රියාවලියක් සකස් කිරීම මෙම ජනසභා සංකල්පය මගින් සිදු කරයි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions