Home » පල්ලම් බහින ආර්ථිකයට ආණ්ඩුවෙන් තවත් තල්ලුවක්!

පල්ලම් බහින ආර්ථිකයට ආණ්ඩුවෙන් තවත් තල්ලුවක්!

by Nipuna Fernando

ශ්‍රී ලංකාව පහළ ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවට සහනදායී ණය ආධාර ලබා ගැනීම පහසු කරලීම සඳහා ලෝක සංවිධානවල දැනුම් දීම මත මෙම තීරණය ගනු ලැබූ බව අද (11) පෙරවරුවේ කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කරන ලදි. ඒ අනුව ඒක පුද්ගල ආදායම පසුගිය කාලසීමාව තුළ ආර්ථිකයේ පසුබෑමත් සමඟ පහත වැටී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

2014 වන විට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3824 වූ ශ්‍රී ලංකාව අඩු ආදායම් වර්ගීකරණයෙන් මිදී මැදි ආදායම් සහිත රටක් ලෙස ඉදිරියට එන ලදි. නමුත් 2109 දී ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3848 ද 2020 දී ඇමරිකානු ඩොලර් 3695 ලෙස දැක්වුණු අතර 2021 දී නැවත එය ඇමරිකානු ඩොලර් 3815 දක්වා අඩු විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions