Home » පන්ති පහ – අස්පට් ෂූටිං

පන්ති පහ – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා…..අද නං ලොකු උදව්වක් ඉල්ලගෙනමයි එන්නේ.මචං පුළුවන්නම් අපේ ලප කුමාර සහෝදරයාට පන්ති පහ කරපු සහෝදරයා හොයලා දෙනවද?

ඒ සහෝදරයා හරිම අමුතු විදිහකට තමයි ලප කුමාරට පන්ති කරලා තියෙන්නේ.මචං පන්ති පහට පක්ෂ ඉතිහාසය කියලා පන්තියක් තිබුණේ නෑ. පක්ෂ ඉතිහාසය කියන පන්තිය කරන්න පටන් ගන්නෙම ප්‍රාදේශීය අධ්‍යාපන කදවුරේදී.

එතකොට මචං මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා. ලපයාට පන්ති පහක් කියලා පන්ති 6ක්ම කරලා. ආර්ථික අර්බුදය,මෙන්ෂවික් ව්‍යාපාරය,ජාතික ගැටළුව,ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය,පක්ෂ ඉතිහාසය,බෝල්ෂෙවික් පක්ෂය කියලා.

අස්පට් ෂූටිං ලපයට පන්ති කරපු සහෝදරයා හොයන්නේ ඔය ප්‍රශ්නය විසදගන්න.ඒත් මචං ඒ මනුස්සයා දැන් ජීවතුන් අතර ඉන්නවද,නැද්ද දන්නේ නෑ.හිටියත් මචං ලපයා වගේ කෙනෙකුට පන්ති කළා කියන්න ඉදිරිපත් වෙයිද දන්නේ නෑනේ.

මචං කොච්චර උනත් ඒ මනුස්සයා හොඳ මිනිහෙක්.පන්ති පහ කරන ගුරුවරයා ඉස්සෙල්ලාම කරන්න ඕනි ශිෂ්‍යයාව හරියට අදුර ගන්න එක.ඒකට මචං පන්ති පහට ඉස්සෙල්ලා මූලික සාකච්ඡාවක් කරනවා.

මූලික සාකච්ඡාවට එන කෙනාට වැඩේට එන්ටර් වෙන්න ඕනි කරන උනන්දුව හදන ගමන් පන්ති කරන ගුරුවරයා එයා ගැන අවබෝධයකුත් හදා ගන්නවා.එතකොට මචං අර සහෝදරයා ලප කුමාරව හරියටම අවබෝධ කරගෙන තියනවා.

ඒකනේ මචං පන්ති පහක් වෙනුවට පන්ති හයක් කරලා තියෙන්නේ.උඹලට හිතෙයි ලපයා දක්ෂ ශිෂ්‍යයෙක් හින්දා පන්ති හයක්ම උගන්නන්න ඇති කියලා.ලපයට පන්ති හයක් ඉගැන්නුවේ ඇයි කියලා තේරුම් ගන්න උගන්නපු පන්තියෙන් පුළුවන්.ලපයට අමතර පන්තිය විදිහට උගන්නලා තියෙන්නේ පක්ෂ ඉතිහාසය පන්තිය.

ඒ පන්තිය විශේෂයෙන්ම ලප කුමාර සහෝදරයාට උගන්නන්න ඒ සහෝදරයා හිතන්න ඇත්තේ ඇයි?ඒ සහෝදරයා මුලික සාකච්චාවෙදී අදුරගන්න ඇති ලපයාට ඉක්මනින් ඉතිහාසය අමතක වෙනවා කියලා.ඒක හින්දා පක්ෂ ඉතිහාසය උගන්නන්න ඇති.එතකොට මචං ලපයා ප්‍රාදේශීය අධ්‍යාපන කදවුරේදිත් පක්ෂ ඉතිහාසය ඉගෙන ගන්නවානේ.

දෙපාරක් එකම විෂය ඉගෙන ගන්නකොට මතක තියෙන ප්‍රමාණයත් වැඩියිනේ.එතකොට ලපයා කවදාවත් ඉතිහාසය අමතක කරන එකක් නෑ කියලා එයා හිතන්න ඇති.හැබැයි මචං පන්ති පහ කරපු ලපයා ප්‍රාදේශිය කදවුරු යන්නේ නැතිව අරගලයෙන් පැනලා යනවා.

සමහරවිට පැනලා ගියේ පන්ති පහට අමතරව පක්ෂ ඉතිහාසය උගන්නපු හින්දද දන්නෙත් නෑ. මොකද මචං ඒකේ තියෙන්නේ කැපකිරීම්, පරිත්‍යාගය,දිවිපිදීම් ගැනනේ.ලපයා ඒවට බයේ පැනලා යන්න ඇති.පැනලා ගිහින් මර්ධනයෙන් පස්සේ ආයෙත් එනවා.

ඇවිත් එක තැනකදී කුමන්ත්‍රණයකින් පක්ෂයේ බලය අල්ලනවා.අල්ලලා ඉතිහාසය අමතක පක්ෂයක් හදනවා.දැන් ලපයට ඉන්දියන් ව්‍යාප්තවාදය නෙවෙයි ඒක උගන්නපු ලොක්කවත් මතක නෑ.

පන්ති පහ හරියට කියන්න බැරි මිනිහෙක් නායයා කරගන්න ජෙප්ස්ලට ලැජ්ජා නැද්ද මචං.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions