Home » ” පක්ෂ එපා, රැඩිකල් වෙනසක්, තරුණ දේශපාලනයක්” – චන්ද්‍රිකා කුමාරතුංග

” පක්ෂ එපා, රැඩිකල් වෙනසක්, තරුණ දේශපාලනයක්” – චන්ද්‍රිකා කුමාරතුංග

by Nirodha Gamage

” අරගලයේ පණිවුඩය රැඩිකල් වෙනසක් අවශ්‍යයි කියන එක, මේ පණිවිඩය තේරුම් ගන්න සමත්, රට තුළ වැඩකළ හැකි දේශපාලඥයින් ඉතා අල්ප ප්‍රමාණයක් තායි ශ්‍රී ලංකාවේ ඉන්නේ, ඒ නිසා තරුණ දේශපාලන බලයක් ලංකාව තුළ ගොඩනැගිය යුතු කාලයක් මේක. අපි තරුණයන්ට අවස්ථාව දෙන්න ඕනෑ, ඒ වගේම ඔවුන්ට දේශපාලනිකව ඉදිරියට යන්න සම්පූරණ සහය දෙන්න හැකි උපරිම අයුරින් දායක වෙනවා.”

අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සභාව අමතමින් කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරිය ;

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂලා ට මම භාරදීලා ගෙදර ගියේ, එදා ඉඳන්ම පක්ෂයත් කෑවා රටත් කෑවා. ඊළඟට සිරිසේනට භාරදුන්නා , මදැයි කෙරුවා. මොකෙක්වත් නැති හින්දා අරූව පන්නන්න මූ ගෙනාවා… මූ ඊට වැඩිය අන්තයි. තනතුරු හම්බුණාම මෙහෙම පිස්සු වැටෙයි කියලා කොහොමද දන්නේ. ඒ මිනිහා රටත් කෑවා පක්ෂෙත් කෑවා. අපි ඔක්කොම කෑවා. අපි කිව්වා කියලා රාජපක්ෂලා එක්ක තවදුරටත් යන්න එපා අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම ඉඳලා ගොඩනගලා ගමු ආයමත් කියලා එහෙම කිව්වා කියලා මාව පැන්නුවා පක්ෂයෙන්. ඊට පස්සේ 40 ගාණක් පැන්නුවා. තව කොටසක් ඉන්න බෑ කියලා අස්වෙලා ගියා. මට නම් මිත්‍රවරුණි සියල්ලට වඩා ප්‍රධාන වෙන්නේ රට. නමුත් මගේ පක්ෂය බාධාවක් නම් රට ඉදිරියට යන්න මට පක්ෂයත් අමතක කරන්න වෙනවා. පක්ෂය තිබුණාදෙන් කියලා අපිට පුළුවන් තරුණ අයත් එක්ක වැඩ කරන්න අලුත් බලයක් ගොඩනගන්න තරුණ, තරුණියන්ට සහය දෙන්න.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions