Home » නොවැම්බර් 01 ජාතික හැඳුනුම්පතට වෙන දේ….

නොවැම්බර් 01 ජාතික හැඳුනුම්පතට වෙන දේ….

by Nipuna Fernando

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කර තිබේ. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය දක්වා ඇත්තේ නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධන පනවා ඇති බවයි. ඒ අනුව ජාතික හැඳුනුම්පතක් පළමුවරට ලබාගැනීමේ දි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතුවේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජාතික හැඳුනුම්පතේ අනුපිටපතක් ලබාගැනීම සඳහා රුපියල් 1000ක ගාස්තුවක් ගෙවිය යුතු බවයි. එමෙන්ම ජාතික හැඳුනුම්පතේ සංශෝධිත අනුපිටපතක් නිකුත් කිරිම සදහා රුපියල් 500ක ගාස්තුවක් ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරිම සඳහා රුපියල් 200ක මුදලක්ද අය කිරිමට නියමිතයි.

මෙයට අදාල ගාස්තු ඇතුළත් ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions