නීතීඥ නුවන් බෝපගේ තම පුත්‍රයාගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකීය ලෙස ඇතුළත් කරන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම භාර ගත හැකි බවට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඊයේ (10) අධිකරණයේදී පිළිගත්තේය. ඒ ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා දැන්වීමෙන් පසු එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා නුවන් බෝපගේ විසින් අභියාචනාධිකරණයට රීට් ආඥාවක් ඉල්ලා ඉදිරිපත් කර තිබු නඩුව විභාගයට ගත් අවස්තාවේදීය.
ඒ අනුව රෙජිස්ට්‍රර්වරයාගේ පොරොන්දුව මත නුවන් බෝපගේගේ අයිතිවාසිකාම් තබාගන පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය.