Home » නීති විද්‍යාලය ඉංග්‍රීසි වීම ගැන පාර්ලිමේන්තුවම විරුද්ධ වෙයි

නීති විද්‍යාලය ඉංග්‍රීසි වීම ගැන පාර්ලිමේන්තුවම විරුද්ධ වෙයි

by Nirodha Gamage

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමේ සහ එහි අභ්‍යන්තර විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු යෝජනාව වැඩි ඡන්ද එකසිය දොළහකින් ඊයේ (21) පරාජයට පත් විය.

යෝජනාව සඳහා එක් මන්ත්‍රීවරයකු හැර පාර්ලිමේන්තුවට පැමිණ සිටි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මෙම යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ආණ්ඩුවෙන් ස්වාධීනව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පමණි.

ඡන්ද විමසීමක් සිදු කිරීමට සිදු වූයේ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි එම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කිරීම හේතුවෙනි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සඳහන් කළේ මේ සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions