Home » නිදහසට කරුණු කියන පේරාදෙණියේ කැම්පස් මැරයෝ

නිදහසට කරුණු කියන පේරාදෙණියේ කැම්පස් මැරයෝ

by Plus One

2022.12.10 වන දින සිදු වූ ගැටම්කාරී තත්වය සම්බන්ධයෙන් පේරාදෙණිය මාහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ (13) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදී මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා කියා සිටියේ, එම සිද්ධියට සම්බන්ධ වූ ශිෂ්‍යයින්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම අසාධාරණ බවයි.

කෙසේවතත් ඔවුන් විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පවා පහර දීමත් සමඟ අපට වැටහී යන්නේ මෙය තනිකරම පෙ.ස.ප වාමාංශික දේශපාලන පිළිලය ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය පුරාම පැතිරී ගොස් ඇති බවයි. ඉතා සුළු කරුණක් විසඳාගැනීමට පවා අතිශය ප්‍රචණ්ඩකාරී තත්වයකට පැමිණෙමින් වන සතුන් මෙන් හැසිරෙන මෙම කල්ලි සුරැකීමට විශ්වවිද්‍යාලයීය මාහා ශිෂ්‍ය සංගමයට ලැජ්ජාවක් නැතිද? යන ගැටළුව සමාජයේ මේ වන විට බොහෝ ලෙස කතා බහට ලක්වෙමින් පවතී.

එසේම මෙවැනි ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් සිටින විශ්වවිද්‍යාල පද්ධතිය තුළට තම දරුවන් එවීමට දෙමාපියන් පවා දැඩි පැකලීමක් දක්වන බව පෙනෙන්නට ඇත.

ලජ්ජා නහර කැපූ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයට දැන් ඇත්තේ එක දෙයයි. ඒ ඔය ශිෂ්‍ය සංගමය ළමයෙකුට දී පැත්තකට වන්න තරම් වන බව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් අදහස් දක්වා තිබුණා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions