Home » නාමල්ගේ “ක්‍රිෂ්” ආණ්ඩුවෙන් යළි අරඹයි

නාමල්ගේ “ක්‍රිෂ්” ආණ්ඩුවෙන් යළි අරඹයි

by Nirodha Gamage

කොළඹ පිහිටි හයට් සහ ක්‍රිෂ් ව්‍යාපෘති සහ අතහැර දමා ඇති හෝ අසම්පූර්ණ ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

කොළඹ නාගරික බල ප්‍රදේශයේ අතහැර දමා ඇති නිම නොකළ ගොඩනැගිලි සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කමිටු රැස්වීමේදී මෙම උපදෙස් ලබාදී ඇත.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ක්‍රිෂ් සහ හයට් ඇතුළු කොළඹ අතහැර දමා ඇති සහ නිම නොකළ ගොඩනැගිලි හේතුවෙන් විශාල හානියක් සිදුවන බවයි.මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතු බව ඔහු එම කමිටුව යෝජනා කළේය.

මේ අතර, සංචාරක කර්මාන්තයේ උන්නතිය සඳහා යොදා ගත හැකි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට (CCD) අයත් ඉඩම නීතිමය රාමුව තුළ අදාළ ආයෝජකයින් වෙත කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය රණතුංග නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම ඉඩමේ අයිතිය දෙපාර්තමේන්තුව සතුව තබා ගනිමින් සංචාරක ව්‍යාපාරය සඳහා තාවකාලික ඉදිකිරීම් සඳහා ඉඩම් ලබාදීම අවශ්‍ය බව මෙහිදී සඳහන් විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions