Home » නාගරික සංවර්ධනයට පරණ තැටියම ප්‍රසන්න වාදනය කරයි!

නාගරික සංවර්ධනයට පරණ තැටියම ප්‍රසන්න වාදනය කරයි!

by Nipuna Fernando

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන මගී බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදි කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.

එය දෙස් විදෙස් සංචාරක ආකර්ශනයට හේතුවක් වන බවද අමාත්‍යවරයා කියා සිටියා.

බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට⁣ මෙම බෝට්ටු මගින් විනාඩි 30ක් ඇතුළත ලඟාවීමට හැකියාව පවතින බව සඳහන්.

එමෙන්ම බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 200ක මුදලක් අයකෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරෙනවා.

දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 8 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයීමේ හැකියාව පවතින බව සඳහන්.

එමෙන්ම බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පුද්ගලික කාර්යාල, නාවල විවෘත විශ්ව විද්‍යාලය, 176, බස් මාර්ගය, 138 සහ 122 බස් මාර්ග, වැල්ලවත්ත දුම්රිය ස්ථානයට මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟාවීමට හැකියාව පවතිනවා.

#newsplus

අපගේ YouTube සබැඳිය
https://youtube.com/channel/UCw0X0yNZIjTR61JdLTDJ8tw

අපගේ Telegram සබැඳිය
https://t.me/ChannelPlusOne

අපගේ Whatsapp සබැඳිය
https://chat.whatsapp.com/GEB4vejkAb9JsDZ5pXBi29

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions