Home » නවසීලන්තය සසල කළ “අප්සරා” ගේ ඝාතනය

නවසීලන්තය සසල කළ “අප්සරා” ගේ ඝාතනය

by Nirodha Gamage

ඝාතනයට ලක් වූ නවසීලන්තයේ වෙලින්ටන් හි ආචාර්ය උපාධිය හැදෑරු ශ්‍රී ලාංකික සිසුවියක වූ අප්සරා විමලසිරිගේ මිතුරන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සිසුන්ට අධ්‍යාපනය ලැබීමට උපකාර කිරීම සඳහා අරමුදල් රැස් කරන්නේ ඇයගේ මතකය වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බැවිනි.

වෙලින්ටන් වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අප්සරා විමලසිරි පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඇයගේ සැමියා විසින් ඝාතනය කරනු ලැබුවා.

ඇයගේ මරණයේ සංවත්සරය ළං වීමත් සමඟ අප්සරාගේ හිටපු ආචාර්ය උපාධි අධීක්ෂක සහ මිතුරිය වන අචාර්ය කොරිනේ සීල්ස් පැවසුවේ ඇය සහ තවත් අය ග්‍රාමීය ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකික දරුවන්ට පාසල් උපකරණ සඳහා මුදල් රැස් කිරීමට Givealittle නමින් සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කළ බවයි.

වික්ටෝරියා විශ්ව විද්‍යාලය “අප්සරා විමලසිරි” නමින් සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් පිළිබඳව අධ්‍යයනය කරන ශ්‍රී ලාංකික සිසුන් සඳහා අනුස්මරණ ශිෂ්‍යත්වයක් ද ස්ථාපිත කරන බව ඇය පැවසුවාය.

විශ්ව විද්‍යාලය දැනටමත් ශිෂ්‍යත්ව අරමුදලට, පරිත්‍යාග කර ඇති අතර සමහර කාර්ය මණ්ඩල සාමාජිකයින් ද මුදල් පරිත්‍යාග කර ඇත.

කුඩා ගමක සිටි අප්සරා ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් අධ්‍යාපනය ලැබීමට දැඩි ඇල්මක් දැක්වූ බව අචාර්ය කොරිනේ සීල්ස් පවසයි. ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනය ශ්‍රී ලාංකික දරුවන්ට සහ නවසීලන්තයේ ළමුන් සඳහා බහුභාෂා අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කර ඇත.

“අප්සරා ක්‍රියාකාරිනියක්” ඇය ශ්‍රී ලාංකීය ජනතාව ගැන බොහෝ සැලකිල්ලක් දැක්වූ අතර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා මිනිසුන්ට ඇති ප්‍රවේශය පිළිබඳවද ඇය බොහෝ සැලකිල්ලක් දැක්වූවාය.

නවසීලන්ත ඩොලර් 30 කට පමණ එක් සිසුවෙකුට අනුග්‍රහය ලබා දිය හැකි බවත්, ඔවුන්ට බෑග්, සපත්තු, කැල්කියුලේටර, පැන්සල් සහ පාසල් පොත් ලබා දිය හැකි බවත් ඇය පවසයි.

කෙසේ වෙතත්, අප්සරාගේ මිතුරන් සහ පවුලේ අය තවමත් ශ්‍රී ලංකාව තුළ යුක්තිය ඉටු කර ගැනීමට අරගල කරන බව මතක තබා ගැනීම වැදගත්ය.

අප්සරාගේ හිටපු සැමියා ඔහුට පවරා ඇති නඩුවට පෙනී සිට නැත. ඔහු මානසික සෞඛ්‍ය ඒකකයේ රිමාන්ඩ් කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions