Home » දුප්පතුන් වෙනුවෙන් විදුලි බිල ගැන අධිකරණයට යනවා – ජනක රත්නායක

දුප්පතුන් වෙනුවෙන් විදුලි බිල ගැන අධිකරණයට යනවා – ජනක රත්නායක

by Nirodha Gamage

තම අනුමැතියකින් තොරව පසුගියදා විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පෞද්ගලිකව නීතිමය පියවර ගන්නා බවයි.

ඊයේ සිය කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ඔහු කියා සිටියේ මීට සති දෙකකට පෙර විදුලි බිල ඉහළ දැමූ බවයි.

30ත් 90ත් අතර විදුලි ඒකක භාවිත කරන ලක්ෂ 50ක් පමණ වන අඩුම ආදායම් ලබන ජනතාවගේ විදුලි බිල වැඩි කළ බවත් එම ගාස්තුව 250%කින් වැඩි කර ඇති බවත් එය තවදුරටත් වලංගු නොවන බවත් ඔහු පැවසීය.

අඩු ආදායම්ලාභීන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා සාක්කුවෙන් වියදම් කරමින් අධිකරණයට යන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions