Home » දිලිත් ජනපති, ගෝඨාභය අගමැති ද???

දිලිත් ජනපති, ගෝඨාභය අගමැති ද???

by Plus One

ඔන්න අලුත්ම කසුකුසුවක් පටන් අරගෙන. ඒ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවයි.

මේ ආරංචිය එන්න පටන් ගත්තෙම පසුගිය දිනක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන බවත් එහි ආරම්භක පියවරක් ලෙස මවුබිම ජනතා පක්ෂයේ නායකත්වය දිලිත් ජයවීර මහතාට ලබාදී ඇති බවට සමාජ මාධ්‍ය තුළ මේ සතියේ නිර්මාණය වූ සාකච්ඡාව හේතුවෙනි. 

කෙසේ වෙතත් පසුගිය වසරේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දේශපාලනයට පැමිනේවි යැයි මහජනයා අතර කතාව පැවතිනි. දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා යනු හොඳම මිතුරන්ය. 2019දී රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා වීමටත් ඉන්පසු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල සහයක් ලබා දුන්නේ දිලිත් ජයවීර මහතා ය. 

නමුත් ඔවුන් 2019 දී ආරම්භ කළ වැඩපිලිවෙල දිලිත්ටවත් ගෝඨාභයට වත් ඉටු කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. ගෝඨාභය පාලනයේ අසමත් කළමනාකරණය පටන් ගන්නවාත් සමගම ඔහු සමඟම සිටි දිලිත් ජයවීර මහතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් මඳක් ඈත් වී කටයුතු කළ බව අවස්ථා කිහිපයක දී සමාජ මාධ්‍ය තුළ දිලිත් ජයවීර මහතා කියා සිටියේය. 

ඔහු දිගින් දිගටම කියා සිටියේ ගෝඨාභය ප්‍රමුඛ කොට ගනිමින් ඔවුන් සෑදු ආණ්ඩුව බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල යළි දැහැ ගත් බවයි.

 ඉතින් ගෝඨාභයටත් දිලිත්ටත් නවත්තපු තැනින් ආරම්භ කිරීමට සම්පූර්ණ නොවූ වැඩක් ඇත. ඒ හේතුවෙන් එළඹෙන ජනාධිපතිවරණයේ දී ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහාය ලබා දෙයි ද? සහය ලබා දුන්නොත් ගෝඨාභය අගමැතිද?

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions