Home » දැන් ලංකාවෙත් කොළ ඇපල්!

දැන් ලංකාවෙත් කොළ ඇපල්!

by Nipuna Fernando

ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයක මෙම ඇපල් වගාව සිදු කර තිබුණේ එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින්.

ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේ දී එම ඇපල් වගාව නැරඹීම සඳහා පැමිණීමට අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

ඇපල් බීජය මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු ඵලදාවක් මේවන විටත් ලැබී ඇති බවත් ලක්ෂ්මන් කුමාර ගොවි මහතා ප්‍රකාශ කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබාදීමට හැකියාව පවතින බවත් ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බවත් ඔහු පවසා තිබෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions