Home » දැන් තියෙන දත්ත අනුව විදුලිබිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැහැ – PUCSL

දැන් තියෙන දත්ත අනුව විදුලිබිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැහැ – PUCSL

by Plus One

විදුලිබල මණ්ඩලය විසින් මේ වන තෙක් විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ අනුව දැනට තිබෙන දත්ත අනුව විදුලිබිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ මතය බවයි ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. වර්ෂයකට දෙවරක් විදුලිබිල සංශෝධනය විය යුතු බවට මහජන උපයෝගීතා කොමිසම මීට පෙරද දැනුම් දී ඇති බවත් ඒ අනුව දේශගුණය මත පදනම් වී අප්‍රේල් සහ ඔක්තෝබර් මාසවලදී මෙම සංශෝධනය සිදුකළ යුතු බවට 2016 වසරේදී යෝජනා කර තිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනවාරි හා ජුනි මාසවල විදුලිබිල සංශෝධනය සිදු කිරීම ප්‍රායෝගිකව අපහසු බවත් විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදයක් ඇති අතර එසේ නොවුනහොත් ඉන්ධන මිල වැඩිවන ආකාරයෙන් පසුදින උදෑසන අවදිවන විට විදුලිබිල වැඩිවී තිබෙනු ඇති බවත් ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසම එකඟ නොවන බවයි ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions