Home » දසුන් ශානක ඉවතට නව නායකයා කුසල් මෙන්ඩිස් ?

දසුන් ශානක ඉවතට නව නායකයා කුසල් මෙන්ඩිස් ?

by Nirodha Gamage

පසුගිය සතියේ පැවති නවසීලන්ත එක්දින තරඟාවලියේ ඇති වූ කැළඹිලි සහගත තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක එම ස්ථානයෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ ශානකට එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සඳහන් කළේය. තේරීම් කමිටුව යොවුන් ප්‍රතිපත්තියකට ගියහොත් ඕවර 50 නායකත්වය ධනංජය ද සිල්වාට හෝ කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර විස්සයි20 නායකත්වය වනිඳු හසරංගට පිරිනැමීමට ඉඩ ඇති බව වාර්තා වේ. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් ඔහුගේ ආකල්පය ගැන සතුටු නොවීම ශානකගේ අවාසියට හේතු වී ඇති බව වැටහේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions