Home » දයාසිරිට – සිරිසේනට අධිකරණයෙන් තහනම් නියෝගයක්

දයාසිරිට – සිරිසේනට අධිකරණයෙන් තහනම් නියෝගයක්

by Nirodha Gamage

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින්ය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති තනතුරෙන් හා සෙසු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර තීරණය කර තිබුණි.

එම තීරණය අභියෝගයට ලක් කරමින් කොළඹ පළාත්බද අභියාචනාධිකරණය වෙත නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එම අභියාචනයට අවසර ලබා දෙමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions