Home » දයාසිරිගේ අවසන් හෝරාව

දයාසිරිගේ අවසන් හෝරාව

by Plus One

දයාසිරි ශ්‍රිලනිපයට සමුදෙයිද?

ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ 72 වෙනි සංවත්සරය ලබන සැප්තැම්බර් 02 වෙනිදා කොළඹ මොනාච් ඉම්පීරියල් උත්සව ශාලාවේදී පැවැත්වුන බව නිල වශයෙන් ප්‍රකාශ කරලා තියනවා. කලින් 72 වෙනි සංවත්සරය තියන්න සුදානම් කරලා තිබුණේ කුරුණෑගල හෙට්ටිමුල්ලේ.දැන් ඒ තීරණය වෙනස් කරලා වැඩේ කොළඹට අරන්.තීරණය වෙනස් වුණේ මොකද කියලා මාධ්‍යවේදියෙක් මෛත්‍රිගෙන් ඇහුවාම මෛත්‍රි කිව්වේ සංවිධායකයන්ට විශාල පිරිසක් ගේන්න තියන ආර්ථික අපහසුතා සළකලා සමුළුව කොළඹට ගත්තා කියලා.
මුහුද බලන්නත් පුළුවන් හින්දා කට්ටිය කොළඹ එන්නත් කැමතියි කියලයි මෛත්‍රි කිව්වේ.සමහරවිට සංවත්සරයෙන් පස්සේ කවුරු හරි මුහුදට බිලි දෙන්න හිතාගෙන ඉන්නවද දන්නෙත් නෑ.ශ්‍රිලනිප 72 වෙනි සංවත්සරය කුරුණෑගලින් කොළඹට මාරු කරන්න මෛත්‍රි ඔය කියන සිල්ලර කාරණාවලට වඩා ලොකු දේශපාලන හේතුවක් තියෙන්න ඕනි.රටේ රාළ නං හිතන්නේ කට්ටිය එකතු වෙලා දයාසිරිට සහ තිලංගට ෂොට් එක්ක දුන්නා කියලයි.
දයාසිරිත් හැමවෙල්ම ගේම ඉල්ල ඉල්ලනේ හිටියේ.දයාසිරිට ගේමක් දෙන්න හදන බව දයාසිරිටත් දැනිලා තියෙන්න ඕනි.දයාසිරි පහුගිය දවසක නෙත් Fm රේඩියෝ නාලිකාවේ සහ තවත් නාලිකා කිහිපයක කරපු සංවාදවලදී එහෙම කුකුසක් දයාසිරිගේ හිතේ තියන බව පෙනුනා.දයාසිරි සෑහෙන වේදනාවකින් කතා කරන බව පේනවා.දයාසිරි සමහර තැන්වලදී මෛත්‍රිටත් විවේචන එල්ල කළා.ශ්‍රිලනිපයට ඉදිරියේදී අත්වෙන්න පුළුවන් ඉරණම ගැන දයාසිරි ඒ සාකච්ඡාවලදී බිය පලකලා.ශ්‍රිලනිපය ඇතුලේ තිබුණ අභයන්තර අර්බුදය යම් තරමකට හරි සමනය වෙලා වගේ පිටතට පෙනුනත් අළු යට ගිනිවලින් පක්ෂය ගිනියම් වෙලා.
ශ්‍රිලනිපයේ ආසන බල මණ්‌ඩල සහ තරුණ බල මණ්‌ඩලත් හැදෙමින් බිම් මට්ටමේ පොඩි ප්‍රබෝධයකුත් ඇතිවෙමින් ආවා විතරයි.රටේ රාළට හිතෙන්නේ මේ සටන් විරාමය තියෙන්නේ පක්ෂ සමුළුව වෙනකං විතරයි කියලයි.72 වෙනි සංවස්තරයෙන් පස්සේ ආය ගැටුම පටන් ගන්නවා.හැබැයි මේ පාර එක කණ්ඩායමක් නිශ්චිත වශයෙන් බලය තහවුරු කර ගන්නවා.අනෙක් කණ්ඩායමට යටත්වීම හෝ ඉවත්වීම තෝරගත්ත වෙනවා. ඉවත් වෙන කණ්ඩායම එසැනින් ඉවත් වෙයි කියලා රටේ රාළ කියන්නේ නෑ.
ඒකත් සිද්ධ වෙන්නේ දයාසිරි කියන පිල් මාරුවට සමාන්තරව වෙන්න ඕනි.කොහොම උනත් දයාසිරිලා හදන්න හදපු හෙලේකොප්ටර් සන්ධානයෙන් දැන් ශ්‍රිලනිපය තීරණාත්මකව අයින් වෙලා ඉවරයි.දයාසිරි මොනවා කිව්වත් හෙලිකොප්ටර් සන්ධානය පක්ෂක් විදිහට ශ්‍රිලනිපය අවාසිදායක එකක්. කිසිම බලවේගයක් නැති කණ්ඩායම් කීපයක අත්අඩංගුවට ශ්‍රිලනිපය පත්වීම විතරයි ඒකෙන් වෙන්නේ.දැන් ශ්‍රිලනිපය ඇතුලේ බලය තහවුරු කර ගනිමින් ඉන්න කණ්ඩායම මාන බලමින් ඉන්නේ ඊට වැඩිය වෙනස් හැඩයේ සන්ධානයකට.
ඒකට අඩිතාලම දාන තැන බවට ශ්‍රිලනිප 72 වෙනි සංවත්සරය පත්වෙයි කියලා රටේ රාළ හිතනවා.ඒක නිසාම සංවත්සරය පැවැත්වීම කුරුණෑගලින් ගලවන්න ඕනි.මේ හදන්න හදන නව සන්ධානය හෙලිකොප්ටර් සන්ධානයට වඩා පළල්,රාජ්‍ය බලයට කිට්ටු වගේම තවත් අවධානම් සහගත සන්ධානයක් බවත් කියන්න ඕනි.දයාසිරිලගේ හෙලිකොප්ටර් සන්ධානයේ අවසන් ගමනාන්තය වැටිලා තිබුණේ සජබයට බව ඉතා පැහැදිලියි.ඒක දයාසිරිගේ කැමැත්ත උනත් නොවුනත් ඩලස්ගේ කැමැත්ත වෙලා තිබුණේ ඒක.ඩලස් හෙලිකොප්ටරය බාන්න හිතාගෙන හිටියේ එතෙන්ට.

හෙලිකොප්ටර් සන්ධානය දිගේ ගියා නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ශ්‍රිලනිපයට එතනට යන්න වෙනවා.ශ්‍රිලනිපය එතනට යද්දී දයාසිරිට සහ තිලංගට පෞද්ගලික වාසි කීපයක් සිද්ධ වෙන්න ඉඩක් තිබුණා.ඒ මෛත්‍රිට වඩා පුමුඛතාවයක් එතනදී දයාසිරිට සහ තිලංගට හැදෙන නිසයි.මොකද සජිත් දිගටම හිටියේ ශ්‍රිලනිපය ගත්තත් මෛත්‍රිව හංගලා තියන්න ඕනි කියන ස්ථාවරයේ.සජිත් හිතනවා මෛත්‍රි ලොකුවට එලියට පෙන්වීම විසින් එයාලට කතෝලික බෙල්ට් එකේ ඡන්ද නැතිවෙයි කියලා.
ඒ මතය පෝෂණය කරන්න සෑහෙන වැඩ කොටසක් නිදහස ජනතා සභාවේ කට්ටිය කළා.කොහොම උනත් දැන් ශ්‍රිලනිපය ඒ පැත්තට කැරකෙන්න තියන ඉඩ අඩුයි.දැන් කැරකෙන්න ඉඩ තියෙන්නේ අනිත් පැත්තට.ඒ කියන්නේ දුමින්ද,අමරවීර,නිමල් සිරිපාල අරන් යන්න හදන පැත්තට.රටේ රාළ කියන්නේ ඒකත් අවසන් වෙන්නේ තවත් සන්ධානයකින්. ඒක රනිල් බලයට ගේන්න හදන සන්ධානයයේ පාර්ශවයක් වෙන එක නවත්තන්න බෑ.දැනට ශ්‍රිලනිප 72 වෙනි සංවත්සරයට ආධාරනා කරලා තියන අය දිහා බැලුවම ඒක පැහැදිලිව පේනවා.
මෙතනදී ශ්‍රිලනිපය පැත්තේ විශේෂ අවධානයක් යොමු කරලා තියෙන්නේ ලන්සාගේ ටීම් එකට.අනිත් අය බොහෝවිට සුභ පතන්නෝ වෙයි.දයාසිරි නෙත් Fm එකට කිව්ව විදිහට ලන්සගේ කණ්ඩායම නැවත ශ්‍රිලනිපයට එන්න කැමැත්ත පල කරලා තියනවාලු.එයාලා කෙලින්ම ශ්‍රිලනිප සාමාජිකත්වය ගනී කියලා හිතන්න අමාරුයි. හැබැයි ශ්‍රිලනිපය සාමාජිකත්වය ගන්නවා නම් එකපාරට ශ්‍රිලනිපය ශක්තිමත් උනා වගේ අදහසක් ශ්‍රිලනිප පාක්ෂිකයන්ට හැදෙන්න පුළුවන්.ඒක කළේ දුමින්දලා,අමරවීරලා,නිමල් සිරිපාලලා කියලා එයාලට ක්‍රෙඩිට් එක යන්නත් පුළුවන්.
එතනදී නං රටේ රාළත් දයාසිරි කියන කතාවත් එක්ක එකඟයි.එයාලා ශ්‍රිලනිපය ඇතුලට එනවා නම් එන්න ඕනි ශ්‍රිලනිප මතය පිලිඅරන්.හෙම නැතිව තව දේශපාලන ගේමක් ගහන්න බලාගෙන නෙවෙයි.එහෙම උනොත් ශ්‍රිලනිපය ගේම් ගහන අයට නවාතැන් දෙන පොට් එකක් ගානට වැටෙනවා.හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ශ්‍රිලනිප මතය පිලිගන්නත් ශ්‍රිලනිප මතය කියලා එකක් තියෙන්න ඕනිනේ.එහෙම එකක් කොහේද තියෙන්නේ.මුහුද බලන්න කැමති අය ඉන්න නිසා ශ්‍රිලනිප සමුළුව කොළඹ තියනවා කියන එකද ශ්‍රිලනිප මතය.
රටේ රාළ මීට ඉස්සෙල්ලා ලියපු ලිපිවලින් දිගටම කිව්වේ ශ්‍රිලනිප සමගිය කියන්නේ දයාසිරි සහ දුමින්දගේ අත් පටලලා යාලු කිරීම නෙවෙයි කියලයි.ශ්‍රිලනිප සමගිය කියන්නේ එක මතයකට ශ්‍රිලනිපය ගෙන ඒමයි.පක්ෂයේ මතවාදී ඒකාග්‍රතාවයක් තියනවා නම් පුද්ගල ප්‍රතිවිරෝධතා එච්චර ලොකු ප්‍රශ්න නෙවෙයි. ඇත්තටම එහෙම මතවාදීව එකගතාවයකට පක්ෂය ගේන්න මෛත්‍රිට තවමත් බැරි වෙලා තියනවා.ඒක නිසා ශ්‍රිලනිපය කොයි මොහොතක හරි තල්ලුවෙන්නේ බලය ඉලක්ක කරගෙනය හැදෙන සන්ධානයකට.
ඒක ශ්‍රිලනිප මතවාදයට බලය ගන්න හැදෙන සන්ධානයක් නෙවෙයි.ශ්‍රිලනිපය ඇතුලේ ඉන්න කීපදෙනෙකුට මැති ඇමතිකම් ගන්න හැදෙන සන්ධානයක්.මෙතනදී ලන්සලාට ශ්‍රිලනිපය හවුල් කර ගැනීමෙන් ලොකු වාසියක් තියනවා.එයාලට ශ්‍රිලනිපය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන දෙකම පාවිච්චි කරගන්න පුළුවන්.ඒක රනිල් ඉස්සරහා කේවල් කරන්න ලොකු වාසියක්. ඇත්තටම එයාලා කේවල් කරන්නේ අගමැතිකමට වෙන්න ඕනි.ඒත් ඒක කවදාවත් ශ්‍රිලනිපයට හෝ මෛත්‍රිට හම්බ වෙන්නේ නෑ. මෙතනදී ලන්සලා එක්ක හැදෙන එකඟතාවය ඇතුලේ දුමින්ද,අමරවීර,නිමල් සිරිපාල කණ්ඩායම තවත් බලවත් වෙනවා.ඇත්තටම එයාලත් පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් ශ්‍රිලනිපය දාලා ගිය අය.
මෙතනදී මෛත්‍රි අභිබවා යන බලයක් එයාලට හැදෙනවා.කොහොම උනත් මේ සන්ධානය නිර්මාණය වීමේන් ශ්‍රිලනිපය ඇතුලේ ඉස්සෙල්ලාම අර්බුදයට යන්නේ දයාසිරි සහ තිලංගයි.සමහරවිට දයාසිරිට සහ තිලංගට ශ්‍රිලනිපයෙන් යන්න වෙන්නත් බැරි නෑ.රටේ රාළ කියන්නේ ඊළඟට මේ සන්ධානය ඇතුලේ අර්බුදයට යන්නේ මෛත්‍රි කියලයි.මේ සන්ධානය ඇතුලේ මෛත්‍රි බොහෝවිට අසරණයෙක් වෙන්න පුළුවන්.මේ සන්ධානය ඇතුලෙත් මෛත්‍රි සුවිශේෂී චරිතයක් වෙන්නේ නෑ.
මොකද මේ සන්ධාන හැදෙන්නේ ශ්‍රිලනිප පාක්ෂිකයාගේ උවමනාවට නෙවෙයි.මෙතන ඇත්ත ශ්‍රිලනිප උවමනාව නියෝජනය වෙන්නේ නෑ.ඇත්තටම නියෝජනය වෙන්නේ තවත් කාගේ හෝ බල උවමනාවක්.ඒක වෙනුවෙන් පාව්චිචි වෙන්න ශ්‍රිලනිපයට අද සිද්ධ වෙලා.රටේ රාළ කියන්නේ ශ්‍රිලනිපය හරියට ශක්තිමත් වෙලා,එක මතයකට එනවා නම් අවශ්‍ය ඕනිම කෙනෙක් එක්ක direct සන්ධානකට යන්න පුළුවන්.යන්නේ කාත් එක්ක කියන එක තීරණය කරන්න ඕනි ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව.
එහෙම නැතිව පක්ෂය ඇතුලට එන තාවකාලික අතර මැදියන් හරහා සන්ධාන හදන්න යන එකේ ලොකු අවධානමක් තියනවා.එහෙම උනොත් ශ්‍රිලනිපයට ආයෙත් වරදිනවා.මෛත්‍රි ප්‍රාණ ඇපකරුවෙක් කරගනිමින් හදන සන්ධානයකින් ශ්‍රිලනිපයටවත්,මෛත්‍රිටවත් යහපතක් වෙන්නේ නෑ.වෙන්න ඕනි ශ්‍රිලනිපය තමන්ගේ ස්වශක්තියෙන් නැගිටලා ශක්තිමත්ව සන්ධානයකට යන එකයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.


ජයවේවා.
මීට
රටේ රාළ.

රටේ රාළ ෆේස්බුක් ගිණුමෙන් උපුටාගන්නා ලදී

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions