Home » තෙන්නකෝන්ගේ පොලිස්පතිකම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බෙදීමක්

තෙන්නකෝන්ගේ පොලිස්පතිකම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බෙදීමක්

by Nirodha Gamage

වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් පසු පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇති බවයි එම වාර්තා සනාත කරන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය පළ කිරීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තිබේ. මේ වන විටත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බෙදීමක් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පති වික්‍රමරත්න මහතා මාර්තු 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතය.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions