Home » තුවක්කුවට නතු වූ මියන්මාර රෝස කුසුම!

තුවක්කුවට නතු වූ මියන්මාර රෝස කුසුම!

by Nipuna Fernando

මියන්මාරයේ හමුදා පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කළ මියන්මාර රූප සුන්දරියක වන හැන් ලේ (Han Lay) සැප්තැම්බර් 28 දිනයේදී සරණාගතයෙකු ලෙස කැනඩාවට ගොස් තිබේ.

23 හැවිරිදි වියේ පසුවන ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, කැනේඩියානු නිලධාරීන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ සහය ඇතිව කැනඩාවේ රැඳී සිටීමට තමන්ට අවසර ලැබුණු බවයි.

“සියල්ල ඉතා වේගයෙන් සිදු වූ අතර, මා සතුව ඇත්තේ, ඇඳුම් කිහිපයක් පමණයි,” යනුවෙන් ඇය සඳහන් කර ඇත.

කැනඩාවට යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, තමන් කොතැනක සිටිය ද මියන්මාරය වෙනුවෙන් හඬ නගන බවත් කැනඩාව තමන්ට ආරක්ෂිත ස්ථානයක් බැවින් මෙම ගැටලුව ගැන කතා කිරීමට තමාට තවදුරටත් අවස්ථාව ලැබෙනු ඇති බවත් ය.

හැන් ලේ (Han Lay) ජාත්‍යන්තරයේම අවධානයට ලක් වූයේ, පසුගිය වසරේ තායිලන්තයේ පැවති Miss Grand International විලාසිතා තරගය තුළ දී අදහස් දැක්වීම සඳහා ඇයට ලබා දුන් කාලයේදී, ඇය මියන්මාරයේ හමුදා පාලනයේ ඇති නීතීවලට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ වන අතර ප්‍රකාශ හේතුවෙන් ඇය එම තරගයෙන් පසු තමන් මියන්මාරයේදී අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා තායිලන්ත තුළම රැඳී සිටින ලදි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions