තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට
previous post
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි නැමති සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ නිළධාරිනියන් විසින් සැකකාරිය සන්තකයේ තිබි ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව, බන්ධනාගාර නීති රීති වලට යටත්ව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් සැකකාරිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා මත කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා ප්රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරන ලදි.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.