Home » තාපසාරාමයට වැටුන රනිල් ගැන මහින්ද කියන කතාව….

තාපසාරාමයට වැටුන රනිල් ගැන මහින්ද කියන කතාව….

by Nipuna Fernando

ජනාධිපති රනිල් වික්‍රමසිංහට මීට පෙර තමන් බැන වැදුනද, මේ වන විට ඔහු තමන්⁣ සමඟ එක් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ මේ වන විට යහමගට හැරී ඇති බව තමන් විශ්වාස කරන බවද, එම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුගේ ඉදිරි ගමනට සහයෝගය ලබාදෙන බවද ඊයේ (08) ‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ මැයෙන් සංවිධානය කර තිබූ කළුතර දිස්ත්‍රික්කයේ ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන ලදි. අද රට අභියෝග රැසකට මුහුණ දුන්නද එම අභියෝග ජයග්‍රහණය කිරීමට ශක්තිය ඇති බවද, ආණ්ඩුවේ යුතුකම වන්නේ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන එම අවශ්‍යතාවන් ඉටු කිරීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා…

“ඒ නිසා අපි එකතු වෙලා මේ රජය රැකගෙන, ගෝඨාභය මැතිඳු ගෙන යන වැඩපිළිවෙළ, මේ රට ගෙන යන වැඩපිළිවෙළත් (පසු පස සිටින පුද්ගලයෙකු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැයි පවසන අයුරු දිස්වෙයි…) රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙළ… එදා නම් අපි රනිල්ට බැන්නා. රනිල් යූ.එන්.පී. කාරයයි කියලා. දැන් ඉන්නේ රනිල් අපිත් එක්ක. ඉතින් අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහ මගට හැරිලා කියලයි මම විශ්වාස කරන්නේ. අපි එතුමාට සහයෝගය දක්වමින්, මේ ගමන ඉදිරියට යන්න කටයුතු කරනවා.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions