Home » තවමත් ඖෂධ වර්ග 152 ක හිඟයක් තියෙනවා – වෛද්‍ය සමන් රත්නායක

තවමත් ඖෂධ වර්ග 152 ක හිඟයක් තියෙනවා – වෛද්‍ය සමන් රත්නායක

by Plus One

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152 ක හිඟයක් තවමත් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් පවසනවා.

ඒ අනුව ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල්ගතවීම ඖෂධ හිඟයට හේතුවක් වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙරටට ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදුන් ණය මුදල් බවත් එහිදී අනුගමනය කළයුතු ක්‍රියාවලිය ඉතා දීර්ඝ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්ධන ගෙන්වීමට මෙන්ම සෞඛ්‍ය අංශයටද ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions