Home » ඩොලර් බිලියන 17 ක විදෙස් ණය ගෙවීමේ සූදානමක්

ඩොලර් බිලියන 17 ක විදෙස් ණය ගෙවීමේ සූදානමක්

by Nirodha Gamage

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 25.1 ක බාහිර මූල්‍ය පරතරයක් පියවා දැමීමට අපේක්ෂා කරන බැවින් 2023-2027 කාලය අතර දළ වශයෙන් ඩොලර් බිලියන 17 ක ණය පියවා දැමීමක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) දරන්නන්ට ඩොලර් මිලියන 1,633 ක්, චීන සංවර්ධන බැංකුවට (CDB) ඩොලර් මිලියන 338 ක් සහ අනෙකුත් විදේශීය වාණිජ ණය හිමියන්ට ඩොලර් මිලියන 7 ක් ඇතුළුව, 2022 අප්‍රේල් සිට ශ්‍රී ලංකාව බාහිර පුද්ගලික ණය හිමියන්ට නය ගෙවීම අතහැර දමා තිබේ.

මේ අතර, චීනයේ එක්සිම් බැංකුවේ මූල්‍ය සහතික කිරීම්වලට 2023 දක්වා ගෙවිය යුතු ණය සේවා ගෙවීම් සඳහා අත්හිටුවීමක් ද ඇතුළත් වේ.

IMF ගණනය කිරීම් මත පදනම්ව, ශ්‍රී ලංකාව 2023 දී ඩොලර් බිලියන 3.37 ක ණය පියවීමක් සහ 2024 දී ඩොලර් බිලියන 3.32 ක ණය පියවීමක් අපේක්ෂා කරයි.

විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන (2023-27) තුළදී, නිල වැඩසටහන් මූල්‍යකරණයට IMF වෙතින් ඩොලර් බිලියන 3 ක් සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවලින් ඩොලර් බිලියන 3.75 ක් පමණ ණය ගැනීමට අපේක්ෂා කරයි.

එපමණක් නොව, චීන රජය සහ චයිනා එක්ස්පෝට් ඇන්ඩ් ක්‍රෙඩිට් ඉන්ෂුවරන්ස් කෝපරේෂන් හිඟ මුදල් නොතකා අරමුදල් සැපයීමට එකඟ වී ඇති බව IMF ප්‍රකාශය පවසයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions